අප පිළිගන්නාවූ දෙවියන්වහන්සේ
අපගේ සභාව පවත්වා ගෙන යන්නේ පැරණි කණිෂ්ඨ පාසැලකය. එය 1958 දී වසා දැමුණේ එක්සත් ජනපද නීතියකට අවනත වීමට අකමැතිවීම නිසාය. (සුදු සිසුන්ට සීමාවූ පාසැල්වලට අප්‍රිකානු සම්භවයක් ඇති සිසුන් ඇතුළත්කිරීම). නමුත් ඊට පසු වසරේ එය නැවත විවෘත කෙරුණි. අපගේ සභාවේ සාමාජිකාවක වන එල්වාද ඊට ඇතුළත් කෙරුණි. ඇය සුදු ලෝකයට තල්ලුවූ එක් කලු සිසුවියක් විය. "මාගේ පහසු සමූහනයෙන්, මාගේ ජීවිතයේම කොටසක්වූ ගුරුවර…